ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
රේගු වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පිටකොටුව හතරවන හා පස්වන හරස්වීදිවල තොග වෙළෙඳසැල් වසාදමා තිබෙන ආකාරය අද (05දා) පෙරවරුවේ එහි ගිය අපට දැකගත හැකි විය.
එම වෙළෙඳසැල්වල රැකියාවන්හි නියුතු සේවයකින් හා නාට්ටාමිවරුන් වෙළෙඳසැල් විවෘත කරනු තුරු රැඳී සිටින ආකාරයත්,පිටපළාත්වල සිට ආහාරද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි ලොරි රථ නවතා තිබෙන ආකාරයත් නිරීක්ෂණය විය.
රේගු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනවාරි 30 වැනිදා සිට ආහාර කන්ටේනර් 1500ක් කොළඹ වරායේ සිරවී තිබෙන බවත්,මේ හේතුවෙන් පිටපළාත්වලට ආහාර බෙදාහැරීමේදී ගැටලුවක් මතුවී තිබෙන බවත්අතවශ්ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙදුන්ගේ සංගමයේ සභාපති ජී.රාජේන්ද්‍රන් මහතා පැවසීය.
එම කන්ටේනර්වල ඇති අල,ලූණූ,සීනි,කරවල,හාල්මැස්සන් වැනි අතවශ්‍ය ආහාර විනාශ වී යාමේ අනතුරක් තිබෙන බවත්,දෛනිකව කන්ටේනර් ගුදම් ගාස්තු ගෙවීමට සිදුවීමෙන් වෙළෙන්දන්ට පාඩු සිදුවී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ආණ්ඩුව සහ රේගු වෘත්තිය සමිති විසඳාගත යුතු ප්‍රශ්නයක් හේතුවෙන් ආහාර ද්‍රව්‍ය බෙදාහරින වෙළෙන්දන් හා ජනතාව පීඩාවට පත්වී තිබෙන බවත්,රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීම සම්බන්ධව වෙළෙන්දන්ට ගැටලුවක් නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රාජ්‍ය සේවයට අලුතෙන් 70000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd