ADA
www.ada.lk
2025 ජුලි මස 15 වන අඟහරුවාදා
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 10 වැනි පෙරහර පෙරේදා (22දා) රාති‍්‍රයේ උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කෙරිණි.
ඒ අනුව රාත්‍රී 7.15ට යෙදුණු සුබ නැකැතින් ඇසළ මංගල්‍යය දෙවියන් වැඩමවා ගෙන දේවාල භූමියෙන් පිටත්වූ පෙරහර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් ගමන්කර, පිටවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන්ගෙන දුටුගැමුණු රජු විසින් නියෝග කරන ලද රජ අණ අනුව චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු පෙරහර නැවත මහා වීදිය ඔස්සේ මහා දේවාලය වෙත ගමන්කර පෙරහර මංගල්‍යය අවසන් කෙරිණි.
පසුගිය 13 වැනිදා ආරම්භ වූ කතරගම ඇසළ පෙරහරේ 10 වැනි දිනය වූ පෙරේදා (22දා) පෙරහර නැරඹීමට විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටි අතර, පෙරහරට සමගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල අද (24දා) දින රාත්‍රියේ ආරම්භ වී හෙට (25දා) උදෑසන 4.00ට අවසන් කෙරෙන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය.
කතරගම ඇසළ මංගල්‍යය ලබන 27 වැනිදා දක්වා පවත්වා 28 වැනිදා උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වේ.
මෙවර ගිනි පෑගීමේ උළෙල සංවිධානය කිරීමේ භාරකරු ලෙස ගිනිමැල තර්ණය කිරීමේ සහතික ලත් ටී. උපාලි ද සොයිසා මහතා පත්කර ඇත.
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 12 වැනි පෙරහර අද (24දා) දින වීථි සංචාරය කිරීමට නියමිතය.
කතරගම - සන්දිම දේවප්‍රිය
popular news
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd