රැළෙන් වෙන්ව සිටි අලි පැටවෙකු මී හරක් රංචුවක් සමග ගමට එයි
පොළොන්නරුව දිස්ත්රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හා මහවැලි ගග පිටාර ගැලීම නිසා පොළොන්නරුව දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් තම රැළෙන් වෙන්ව අතරමංව සිටි වන අලි පැටවෙකු 28 වෙනිදා මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිටි ගවමඩුවක් වෙත පැමිණ ඇත.
මෙලෙස මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයේ පිහිටි ගව මඩුවක් වෙත පැමිණ මෙම වන අලි පැටවා සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන වයස අවුරුදු 4-5 ත් අතර පසුවන උස අඩි 05 ක් පමණ වන අලි පැටවෙකු බව පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරියකු සඳහන් කළේය.
මී හරක් රංචුව සමග ඉතා සමීපව සැරිසරන මෙම අලි පැටවා දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් එම ගව මඩුව වෙත පැමිණෙමින් සිට්යහ.
රැළෙන් මග හැරී ගම්මානය වෙත පැමිණ සිටින මෙම අලි පැටවා පිලිබදව ගම්වාසීන් විසින් පොළොන්නරුව වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.
මනම්පිටිය නිමල් ජයරත්න


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

