ADA
www.ada.lk
2025 මැයි මස 07 වන බදාදා
රැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කරන බවට මුදල් අමාත්‍යාංශ බලධාරීන් අද (27දා) පොරොන්දු වූ බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව රැකියා ඉල්ලා මහපාරේ සිදු කළ සටන් මාර්තු 05 වැනිදා තෙක් නවතා දමන බවද එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අද(27දා) කොළඹ ගාලුමුවදොර පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි.
එහිදී මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට විරෝධතාවේ නිරත වූ 05 දෙනෙකුට අවස්ථාව හිමි විය.
මෙම සාකච්ඡාවේදී උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළව මුදල් වෙන්කරන බවට බලධාරීන් පොරොන්දු වූ බවද තැන්නේ ඥානානන්ද හිමියෝ පවසා සිටියහ.
අයවැය ලේඛනය මාර්තු 05 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත්, එම ලේඛනය තුළින් මුදල් වෙන් නොකළොත් කොළඹ මූලික කර ගනිමින් අඛණ්ඩව විරෝධතා ව්‍යාපාර හා විවිධ ක්‍රියාමාර්ග දියත් කරන බවත් එහිමියෝ අවධාරණය කළහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඉන්දිය හිටපු පුහුණුකරු ලංකාවේ පන්දු රැකීමේ අංශ සංවර්ධනය කිරීමට එයි
ගල්කිස්සේදී වෙඩි තබා ඇත්තේ පවිත්‍රතා සේවකයෙකුටයි
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
මන්ත්‍රී චාමර සම්පත්ට අද ලැබුණු නියෝගය මෙන්න
ආණ්ඩුව දෙකට දමා හපුතලේ නගර සභාවේ බලය ගත් හිටපු නගරාධිපතිගේ ස්වාධීන කණ්ඩායම
සබරේ චරිත්ගේ මරණය ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd