චීනයට බලපා ඇති ඩොල්ෆින් සුළිකුණාටුව ඉරිදා සවස ගොඩබිමට කඩා වැදීමත් සමඟ ෂැංහයි ඇතුළු නැගෙනහිර චීනයේ
මිලියනයකට අධික ජනතාවක් තම නිවෙස්වලින් ඉවත් කර ඇත.
පැයට කිලෝමීටර 150 ක (පැයට සැතපුම් 94) උපරිම සුළං වේගයක් සහිතව සුළි කුණාටුව පළමු වරට ෂෙජියැං පළාතේ
යුහුආන් වෙත පස්වරු 4:30 ට (GMT 09:30) හමා ගිය අතර පසුව පැයකට පමණ පසු වෙන්ෂෝ නගරයට ඇතුළුවිය.
සුළි කුණාටුව හෙුතුවෙන් ෂැංහයි හි පමණක් ගුවන් ගමන් 1,400 ක් අවලංගු කර තිබේ.
චීන බලධාරීන් මීට පෙර ඩොල්ෆින් සුළි කුණාටුව ඔවුන්ගේ ඉහළම මට්ටමේ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණද, සඳුදා උදෑසන වන විට ඔවුන් එය නිවර්තන කුණාටුවක් දක්වා පහත හෙලීය.
කුණාටුව තවදුරටත් රට අභ්‍යන්තරයට ගමන් කරමින් පවතින අතර, බදාදා දක්වා ධාරානිපාත වර්ෂාව, දරුණු ගංවතුර සහ
නායයෑම් අවදානම පිළිබඳව බලධාරීන් තවමත් අනතුරු අඟවයි.
ෂැන්ඩොං, හෙනන්, හුබෙයි, අන්හුයි, ජියැංසු, ෂෙජියැං සහ ෂැංහයි සඳහා සඳුදා තද වැසි ඇති වන බවට පුරෝකථනය කර තිබුණි.
