අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා
"අපිටත් තිබ්බා අරගලය වෙලාවෙ හමුදාව, පොලීසිය පාවිච්චි කරලා දහස් ගණනක් ඝාතනය කරලා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්න. නැහැ, අපි එහෙම කරා නම් අද නාමල් රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්. අපි යථාර්ථයට මුහුණ දුන්නා. හැබැයි යථාර්ථයට මුහුණ දීලා, ජනතාවගේ පැත්තේ හිටගෙන, සමාජ ව්‍යසනයකින් රටේ තරුණයන් මුදවා ගන්න අපි අඩියක් පස්සට ගත්තු එක නිවටකමක් කියලා හිතනවා නම් ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධ අය, ඔවුන්ට වැරදිලා කියන එකත් මතක් කරන්න ඕනේ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
"මං දැක්කා පහුගිය කාලේ අරගලයේ කාලේ සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා වෙනවා. ඔව්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ දරුවන්ට ගැහුවේ නැහැ. අත තිබ්බේ නැහැ. අපි දැක්කා පහුගිය දිනවල ඉන්දියාවේ මුහුණ දීපු විදිය, සමාජ මාධ්‍යවල යනවා. අපි දැක්කා බංග්ලාදේශයේ මුහුණ දීපු විදිය. අපි දැක්කා නේපාලයේ මුහුණ දීපු විදිය.
ඔව්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, අපි අඩියක් පස්සට ගත්තා. අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නැහැ. අපි යන්නෙත් නැහැ. අපි අඩියක් පස්සට ගත්තා. හැබැයි ඒ මානුෂික විදියට ඒ ප්‍රශ්නයට මුහුණ දීපු එක නිවටකමක් විදියට දකින්න එපා.
අපි හැමදාම මේ රටේ ජනතාවගේ සමාජ ව්‍යසනයන්ගෙන් මුදවා ගන්න කටයුතු කරපු අය. අපි එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් එක්ක හැප්පුණේ මේ රටේ සමාජ ව්‍යසනයෙන් ජනතාව මුදවා ගන්න, ත්‍රස්තවාදයෙන් මුදවා ගන්න. කොවිඩ්-19 වසංගතය වෙලාවේ ලෝකයේ සමහර රටවල් ඒ රටවල් විවෘත කරලා, ඕන තරම් ජීවිත නැති වෙනවට ප්‍රශ්නයක් නැහැ, ඕන තරම් මැරෙන්න දෙන්න, ආණ්ඩුවේ ඇඟ බේරාගමු මේකෙන්, මේක ලෝක වසංගතයක් කියලා... අපි පැත්තකට වුණේ නැහැ. අවම ජීවිත ගණනකින් මේ රටේ ජනතාවගේ ජීවිත මුදවා ගන්න අපි කටයුතු කෙරුවා.
රටේ, රටේ ජීවත් වෙච්ච මුස්ලිම් ජනතාව, ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කමිටුවෙන් ගත්තු සමහර තීන්දු ගැන වැරදි මතයකුත් හැදුණා. අදටත් ඒ හිතේ රිදීමත් එක්ක අපි කෙරෙහි තියෙනවා. ඒ සියලු දේවල් අපි කරේ මේ රටේ සමාජ ව්‍යසනයකින් ජනතාව මුදවා ගන්න. අරගලය ආවා, අපි අරගලයට මුහුණ දුන්නෙත් එහෙමයි. අපි අරගලයට මුහුණ දුන්නෙත් මේ රටේ ජනතාව සමාජ ව්‍යසනයකින් මුදවා ගන්න.
අපිටත් තිබ්බා හමුදාව, පොලීසිය පාවිච්චි කරලා දහස් ගණනක් ඝාතනය කරලා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්න. නැහැ, අපි එහෙම කරා නම් අද නාමල් රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්. අපි යථාර්ථයට මුහුණ දුන්නා. හැබැයි යථාර්ථයට මුහුණ දීලා, ජනතාවගේ පැත්තේ හිටගෙන, සමාජ ව්‍යසනයකින් රටේ තරුණයන් මුදවා ගන්න අපි අඩියක් පස්සට ගත්තු එක නිවටකමක් කියලා හිතනවා නම් ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධ අය, ඔවුන්ට වැරදිලා කියන එකත් මතක් කරන්න ඕනේ."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

