රට සංවර්ධනය කරන්න අපි ලෑස්තියි - අනුර
මේ වනවිට පත්ව ඇති අර්බුද සියල්ල ස්භාවික ව්‍යවසනයකින් පත්වූ අර්බුද නොවන බවත් දීර්ඝ කාලයක් මුළුල්ලේ අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සිදුවු අර්බුද බවත් එම අර්බුද අවසන් කිරීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
“බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම” මැයෙන් අද (20) ජයවර්ධනපුර පැවති මහජන හමුවේදී ඔහු මේ බව සඳහන් කලේය.
“අතිශය විනාශකාරී අන්තයකට අපේ රට ගමන් කරමින් සිටිනවා. විශාල භාන්ඩ හිඟයක් මතුව තියනවා, භාණ්ඩවල මිල ඉහල ගොස් තිබෙනවා, අත්‍යවශ්‍ය භාන්ඩ ඇතුලත් කන්ටේනර් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වරායේ හිරවෙලා තිබෙනවා. එලැඹෙන ණය වාරිකයන් ගෙවාගත නොහැකිද කියලා අඩමානෙකට ඇවිත් තියනවා. සාමාන්‍ය ජන ජීවිතය ඉතාමක් ගැඹුුරු අර්බුදකාරි ගැටළු ගණනාවකට යොමු කර තිබෙනවා, ජනතාවගේ ජීවිතය උසස් කරන්නට බැරි රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැරි ආර්ථික සහ දේශපාලනික ගමනක ඇති ඵලය කුමක්ද?
අද අපේ රටත් අපේ රටේ මහජනතාවත් මේ මුහුණ දීලා ඉන්න ව්‍යවසනය ස්භාවික ව්‍යවසනයක් නෙවෙයි. මේ අර්බුදය දීරඝ කාලයක් මුළුල්ලේ අපේ රට අනුගමනය කරන ලද අසාර්ථක වැරදි සහගත දේශපාලන ආර්ථික ගමන්මගේ ප්‍රති විපාක.
මෙවැනි විනාශකාරි ව්‍යවසනයකට අපේ රට හෙළුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නම් මේකෙන් ගොඩ එන්න තිබෙන්නෙත් නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අපේ මාතෘ භූමිය තුල ස්ථාපිත කිරීමෙන් පමණයි.
මේ සියලු ජනතාව පෙගස්වන්න පුලුවන් ඒකරාශි කරන්න පුලුවන් මහජන ව්‍යාපාරයක් බවට අප සහ ඔබ එක්ව ජාතික ජනබලවේගය ගොඩනගන බව අපි ඔබට සහතික කර ප්‍රකාශ කරනවා. අපි එකක් කියන්න ලෑස්තියි අපි සූදානම් මේ රට භාරගන්න. ඒ වගේම අපි සූදානම් මේ රට හදන්න.”






popular news
-
samson de silva Tuesday, 21 December 2021 02:06 AM
Apith soodaanam obath samaga ekwanna. Sri Lankikayin siyallama eksath wee deemata heki uparima sahayogaya Anura saha JVP ekata labaa diya yuthuyi, denata aandu karana hora paaharayin elawaa damaa ratata nawa aarambayak deemata.
Reply : 0 0
Kumar Tuesday, 21 December 2021 07:46 PM
oyagollo danne katen bathla sitawanna witharayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

