රජයේ මුද්‍රණාලයේ වංචා ඉහළ ගිහින් - සේවක විරෝධයක්
රජයේ මුද්‍රණාලයට කඩදාසි මිලදී ගැනීමේ සිට සියලුම මිලදී ගැනීම්වල දූෂණ, වංචා සිදුවන බව ප්‍රකාශ කරමින් හා තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මුද්‍රණ සේවකයෝ අද (24) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී පැවැති මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ රජයේ මුද්‍රණාලීය වෘත්තීය සමිති එකමුතුව විසිනි.
ඉල්ලීම් 20ක් මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත් වූ අතර එහිදී වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු සරත් ලාල් මහතා සඳහන් කළේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවෙහි වංචාව, දූෂණය නාස්තිය අක්‍රමිකතා ඉහවහා ගොස් තිබෙන බවය.
මීට අමතරව පෙළපොත් මුද්‍රණය වෙනුවෙන් සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන දීමනාව වසර 05කින් ගෙවා නොමැති බවත් කෑලි ගණනට සිදුකරන ගෙවීමද වසර 05කින් ඉහළ දමා නොමැති බවද සඳහන් කළේය.
ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු





popular news
-
Kumar Wednesday, 25 July 2018 10:01 PM
මේ වුත්තීය සමිති සහෝදරයෝ මොනවා කතා කරනවද. ලකාවේ හොරවන්ච නැතිතැනක් තියෙනවද? එක නැතිකරන්න සක්කරයටවත් බැ. පුළුවන්කමක් තියෙනවනම් එතුමා නරලොවට වඩිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

