යම රජ්ජුරුවන්ටත් පිං දුන් පිංකමක්
කවුරුත් පිං නොදෙන යම රජ්ජුරුවන් ඇතුළුව මියගිය පසු කවදාවත්ම පින් නොදී සොහොන් භූමිවල මිහිදන් කෙරුණු අය වෙනුවෙන් වූ ‘පත්තානුමෝදනා’ පිංකමක් මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ ප්රධානත්වයෙන් අම්බලන්ගොඩ ඕකන්ද පොදු සුසාන භූමියේදී පසුගියදා පැවැත්විණි.
මෙම පිංකම ඕකන්ද සුසාන භුමියේ ඇති සොහොන් ගෙයි සිදුකෙරුණු සර්ව රාත්රික පිරිත් සජ්ජායනාවකින් ආරම්භ වූ අතර, පිරිත් සජ්ජායනාව නිමා වීමෙන් පසුව සොහොන් භූමියේදීම සැකසූ දානය සොහොන් භූමියේදීම භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වුණි. යම රජ්ජුරුවන් ඇතුළු මියගිය අය උදෙසා පැන් වැඩීම සිදුවූයේ ඉන් අනතුරුවය.
කරන්දෙණිය සුසිල් ප්රයන්ත



-
Kumar Monday, 25 June 2018 11:07 PM
අපායේ රජවෙන්න පවුකරන්න ඔනනේද? පින්කලාම දිවියලොකෙට යන්නේනැද්ද? යම රජ්ජුරුවෝ කියනවා ඇති "බලාපල්ලකෝ මුන් පිදීල මගේ රජකම නැතිකරන්න හදන හැටි. පින් අනුමෝදන් වුනොත් යමලොවින් චුතවෙලා දිවියලොකෙට යයි. දිවියලෝකේ බාර් හෙම නැතිව ඇති. ශාස්ත්රීය සංගීතේ තමයි අහන්නෙන්නේ. ලංකාවෙනම් ඔය හැමදෙයම තියෙනවනේද.
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

