මෛත්‍රී පවරන ඕනෑම කාර්යයක් ඉටුකරනවා - මෝදි
ශ්‍රී ලංකාව තුළ ප්රජාතන්ත්රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථීරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත්වූ දා සිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන ‘බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය’ හෙවත් ‘බිම්ස්ටෙක්’ හතරවැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (30දා) පස්වරුවේ සිදු වූ අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී ජනාධිපතිවරයා සමග සුහද කතා බහකට එක් වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළැඹෙන සැප්තැම්බර් 03 වනදාට යෙදෙන ජනාධිපතිතුවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති වෙත සිය සුබපැතුම් පළ කළේ මෙම මිත්‍රශීලි හමුව ඉතා අගය කරමිනි.
එමෙන්ම හතරවැනි ‘බිම්ස්ටෙක්’ රාජ්‍ය නායක සමුළුව අවසානයේ එහි සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිත අතර, ඒ පිළිබඳ අදහස් දැක් වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ‘බිමිස්ටෙක්’ සමුළුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පවරනු ලබන ඕනෑම කාර්යයක් නිසි අයුරින් ඉටුකිරීමට සූදානම් බවද කියා සිටියේය.
එමෙන්ම අත්දැකීම් බහුල නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ‘බිම්ස්ටෙක්’ සංවිධානය ඉතා ශක්තිමත් සංවිධානයක් බවට පත්වනු ඇති බව සඳහන් කළ නරේන්ද්‍ර මෝදි මහතා ඒ තුළින් ‘බිම්ස්ටෙක්’ සමුළුවේ අරමුණු, ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නව ප්‍රවේශයක් ලැබෙනු ඇති බවද සඳහන් කළේය.


popular news
-
Champa Thursday, 30 August 2018 08:28 PM
දැන් ඇවිල්ල කියයි මම ජාත්‍යන්තරය ජය ගතිමි. ඉන්දියාවත් වැඩ කරන්නෙත් දැන් මම කියන විදියට කියලා. ලංකාව වගේ රටක අයිතිය එක පලාතකුයි එහි තෙබෙන සියලු දේයි දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොලයි අහසයි උතුරු මුහුදයි ලැබෙනවා නම් මෝඩි මෛත්‍රී ගේ රෙදිත් හෝදයි.
Reply : 0 1
රජින්ද Thursday, 30 August 2018 09:51 PM
මෝදී කියනවානම් හරි වෙන්න ඇති. මොකද සිරිසේන ජනපතිතුමා අපේ රටේ බලයට ආවෙත් මෝදිගේ කබාය පොරවගෙනනේ. ඉන්දියාව ලස්සනට ඇගට නොදැනෙන්න නාස් ලනුව දාල අපේ මහා දෙන්නව දක්කාගෙන ඉන්දියාවේ ගමන යනවා. මේවට උත්තර දෙන්න මැතිවරණයක් තියන්න. එදාට පෙනෙයි ලංකාවේ මිනිස්සු ඉදලා හිටලා ගොන්කම් කලාට හැමදාම එහෙම නොකරන බව.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

