www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ගලා දකුණු පළාතේ ස්ථාන කිහිපයක්ම මුහුදු ජලයෙන් යටවිය.
ගාල්ල නරගයේ වෙරළ අයිනේ පිහිටා තිබූ ඉදිකිරීම් සහ බැමි කිහිපයක් ද මෙම රළ පහරින් කැඩී ගොස් ඇත. වෙරළාසන්නයේ නවතා තිබූ ධීවර යාත්‍රා කිහිපයක් ද ගොඩබිමට ගසා ගෙන පැමිණ ඇත. මේ හේතුවෙන් සමුද්‍ර මාවතේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධයක්ෂ කර්නල් ප්‍රසාද් කරුණාරත්න මහතා කියා සිටියේ මේ වනවිට ප්‍රදේශ ගණනාවක මුහුදු රළ ගොඩබිමට පැමිණ ඇති බවයි. සුළං තත්වය වරින් වර වැඩිවන බැවින් ඒ පිළිබඳ අනතුරු අඟවා ඇති බව ද හෙතෙම කීවේය.
මේ උදම් රළ තත්වය රාත්‍රී කාලයේ දී දරුණු ලෙස නැවත ඇතිවිය හැකි බැවින් මුහුදු බඩ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් මුහුදු යාමෙන් සම්පූර්ණයෙන් ම වළකින ලෙසත් හෙතෙම ජනතාවයෙන් ඉල්ලා සිටියි.
සිරංගිකා ලොකුකරවිට/කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd