මුන්දලම පාලම යටින් තියුණු ආයුධ ඇතුළු උපකරණ රාශියක්
මුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව නාවික හමුදා කිමිදුම් එකකයේ නිළධාරින් පිරිසක් අද (5දා) සමත්විය.
මෙසේ සොයා ගත් ආයුධ අතර බෝර 12 ජීව උණ්ඩ 24 ක්, බෝර 12 ගිනි අවියක යාන්ත්රික කොටසක් , විදේශ රටකින් ගෙන්වු විශේෂීත කඩුවක් සමග මෙරටදි සාදන ලද කඩු දෙකක්, පිහි 24 ක් , දුරදක්නයක් , දුරකථන හාඩ් කිපයක් , තඹ කම්බි රෝලක් , නැගෙන හිර පළාත හා බස්නාහිර පළාත තුළ භාවිතා කළ වාහන අංක තහඩු කිපයක් , අන්තර් ජාලය ගමන් කල හැකික් රවුටර් කිහිපයක් , වාහන ඉන්ජේක්ටර් පොම්ප සදහා යෙදා ගන්නා නොසල් කිපයක්, ට්රාන්ස්පෝමර් වල පරිපථ ඇතුළු දෑ වෙයි.
මුන්දලම පොලිස්ථානාධිපති සමන් එකකනායක මහතාට ලැබුණ තොරතුරක් මෙම පාලමේ ජලයට දමා සගවා තිබු අදාළ ආයුධ හා උපකරණ සොයාගැනීමට හැකිවිය.
හිරාන් ජයසිංහ




popular news
-
Champa Sunday, 05 May 2019 08:11 PM
අම්මෝ මන්න වගේ ලොකු පිහි දකින කොට ඇඟ හිරිවැටෙනව. ඉස්සෙල්ලම බැලුව මුන්දලම තියෙන්නේ කොහෙද කියලා. පුත්තලම් දිස්ත්රික්කයේ. හැම අතින්ම පෙන්නුම් කරන්නේ බෝම්බ ප්රහාරයට පස්සේ ජාතිවාදී කෝලාහලයක් ස්ථිරවම ඇතිවෙන බවට උපකල්පනය කරලා තියුනු ආයුධ වලින් හරක් වගේ මිනිස්සු ඝාතනය කරන්න ලංකාව පුරාම සැලැස්මක් තිබිල තියෙනවා කියන එක. ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමේ අරමුණින් බෝම්බ පිපිරෙව්වා කියන එක.
Reply : 39 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

