මුතූ බලන්න කන්දෙවිහාර හිමිවරුන් වඩිති
අලුත්ගම ඓතිහාසික කන්ද විහාරයේ භාරකාරත්වයටපත් මුතු රාජා පාදයේ ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන යාමට පෙර කන්දේ විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරුන් එම හස්තියාගේ සුවදුක් විමසා පලතුරු ඇතුළු ආහාර වර්ග වලින් සංග්‍රහකිරිම සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කළහ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පූජා කරනු ලැබූ ඇත් පැටවුන් දෙදෙනාගෙන් එක් ඇතෙකු කැළණි රජමහා විහාරයටත් අනික් ඇතා වන මුතු රාජා නමින් කන්ද විහාරයේ දී නම් තබා තිබූ මෙම හස්තියා එවකට වැඩ සිටි අපවත් වී වදාළ කන්දේ විහාරාධිපති පූජ්‍ය බටුවන්හේන බුද්ධරක්ඛිත නාහිමියන් වෙත 2001 වසරේ භාරකාරත්වයට පත් කර තිබිණ.
මහනුවර ශ්‍රී දළදා පෙරහරේ දන්ත ධාතූන් වහන්සේ රැගත් කරඬුව දරා ගමන් කිරීමට සුදුසුකම් ලැබ සිටි කන්ද විහාරයේ මුතු රාජා වසර විසි පහකට වැඩි කාලයකින් පසුව තායිලන්තයට රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීමට එරට රජය කටයුතුකිරීම අවසර ඉල්ලූ බව ඓතිහාසික අලුත්ගම කන්ද විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් පැවසීය.
කන්ද විහාරයේ වසර ගණනාවක් මහ සඟරුවනට සමීපවවාසය කරමින් සිටී මුතු රාජා එළඹෙන(2) දින දිවයිනෙන් පිටත් ව තායිලන්තයට යෑමටපෙර විහාරාධිපති නාහිමියන් ඇතුළු සංඝරත්නය සමඟ කුළුපගව පැය කිහිපයක් දෙහිවල සත්වෝද්යානයේගත කල ආකාරය කැමරාවේ සටහන් විය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


popular news
-
Kumar Friday, 23 June 2023 03:52 PM
aliyage asneepayata pasuwhiadyaweryekne oney. chiwardhareenta asneepa suwakranna kramayak naha. matapenenney cheewaradharin pamina thibenney aliyage daladeka balanna wenna athi. Aney mehema thanhawak.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

