මැල්සිරිපුර අනතුරකින් 50ක් රෝහල් ගත කෙරේ
මැල්සිරිපුර, ගොකරැල්ලේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 50 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇතැයි වාර්තා වෙයි.
දඹුල්ල කුරුණෑගල ප්රධාන මාර්ගයේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එහි ගමන් ගත් භික්ෂූන් වහන්සේ නමක් සහ භික්ෂුණීන් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ගොකරැල්ල පොලීසිය පවසයි.
මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
පෞද්ගලික බස් රථ දෙකම එකම පුද්ගලයෙකුට අයත් බස් රථ බව හඳුනා ගෙන ඇති අතර එක් බස් රථයක් ඇඹිලිපිටියේ සිට යාපනය බලා ධාවනය වෙමින් පැවති බවත් අනෙක් බස් රථය වව්නියාව සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ බවත් පොලීසිය පවසයි.
බස් රථ දෙක අධික වේගයේ ධාවන කර ඇති බවත් රියදුරන් දෙදෙනා සිතාමතා බස් රථ දෙක තරගයට ධාවනය කර ඇති බවත් රියදුරන් දෙදෙනාගේ නොසැලකිලිමත් ධාවනය අනතුරට හේතුව බවත් පොලීසිය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූවන් අතර රියදුරන් දෙදෙනාද සිටින අතර ඔවුන් දෙදෙනා ඇතුළු තවත් මගීහු විස්සකට අධික ප්රමාණයකට පමණ බරපතළ තුවාල සිදුව ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරෙන් තුවාල ලැබූ බස් මගීන් ගලෙවෙල, කුරුණෑගල, ගොකරැල්ල සහ දඹුල්ල යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.
අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගොකරැල්ල පොලීසිය මෙහෙයවයි.
එස්. කරුණාරත්න





popular news
-
raawana Tuesday, 10 July 2018 09:40 AM
ට්රැෆික් රාළහාමිලා දකින්නේ, ත්රී වීල් සහ මෝටර් බයික් පමණයි. මොන්ටෙරෝ, ප්රාඩෝ එනකොට අහක බලා ගන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

