මාවනැල්ල නාය යෑම - සිවුදෙනාගේ සිරුරු සොයා ගනියි
මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට අද පෙරවරු 6.10ට පමණ පස් කන්දක් නාය යෑම හා ගල් පෙරලීම නිසා එම නිවසේ වාසය කල එකම පවුලේ සිව් දෙනෙකු මිය ගියේය.
පියා වයස අවුරුදු 57 වන කංකානමලාගේ විජේරත්න, මව වයස අවුරුදු 55 වන වීරසිංහ පේඩිගේ ලලිලා වීරසිංහ, පුතා වයස අවුරුදු 29 වන කංකානමලාගේ ශානික පුෂ්පකුමාර විජේරත්න, දියණිය වයස අවුරුදු 23ක් වන කංකානමලාගේ උමේෂා මධුවන්තී විජේරත්න යන අය මෙසේ ජීවිතක්ෂයට පත්වූහ.
ඊයේ රාත්‍රීයේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මෙම නාය යෑම සිදු වී ඇත. හාමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන්ගේ දැඩි වෙහෙසින් වාර්ෂාව මැද්දේ උදෑසන දියණියගේ සිරුරු සොයාගත් අතර පසුව පියාගේ හා මවගේ සිරුර සොයා ගන්නා ලදි.
අවසානයේ පුතාගේ සිරුරද සොයා ගන්නා ලදි. මෙම නිවස ඇති ස්ථානයේ මීට පෙරද සුළු නාය යෑම් තත්ත්වයන් තිබී ඇති බවත් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසටද දන්වා ඇත. පසුව මරණයට පත් පුතා විසින් රට රැකියාවකින් පසු නාය යෑමට ලක් වූ නිවස ඉදිරිපිට දෙමහල් නිවසක්ද ඉදිකර ඇත.
පවුලේ සාමාජිකයින් පවසන අන්දමට මරණයට පත් පුතා මීට දින කීපයකට නැවත රට රැකියාවකට යෑමට සූදානම් වී පසුව කොරෝනා තත්ත්වය නිසා එය දින කීපයකට දීර්ඝ වී ඇති බව පවසයි. සොයාගත් සිරුරු මාවනැල්ල මූලික රෝහල වෙත රැගෙන යන ලදි.
සටහන සහ ඡායාරූප හෙම්මාතගම රොහාන් සී ප්‍රේමතිලක





popular news
-
konara Sunday, 06 June 2021 03:43 PM
ohh my god.... rest in peace lovely family...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
