මාදුරුඔය රක්ෂිතය කෙලෙසූ අමුතු ජාවාරම
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ නවාතැන් ගෙන සතුන් දඩයම් කළ සහ දැව ජාවාරමේ නිරත පුද්ගලයන් සිවු දෙනෙකු අද (05) අලුයම කන්දෙගම අඩවි අරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉද්දපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිවු දෙනෙකු වන අතර සැකකරුවන් විසින් මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදු කරගෙන ගිය බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබූ ගොන් කරත්ත 05ක් ගෝන මස් තොගයක් ඇතුළු ජාවාරම සඳහා භාවිතයට ගත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවෙදී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (05දා) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කන්දෙගම අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.





මනම්පිටිය - නිමල් ජයරත්න
popular news
-
Champa Sunday, 08 July 2018 07:11 PM
මම මේ කතාව කලින් දැක්කේ නැහැනේ. කැලේ නැවතිලා සත්තු මරනවා? කැලේ නැවතිලා ගස් කපනවා? අයියෝ ජාතික වනෝද්‍යානයෙත් මෙහෙම කලොත් මොනවාද ඉතුරු වෙන්නේ? අල්ල ගත්ත එක ගැන අඩවි ආරක්ෂක නිලධාරීන්ට ස්තූතියි. හොරු ගොන් කරත්ත වලින් එන්න සෑහෙන විශ්වාසයක් තියෙන්න ඕනේ කරන වැඩේ ගැන. පරිසරය සහ සතුන් ආරක්ෂා කිරීම ගැන නව නීති ගෙන්න ඕනේ වගේම මිනිස්සුන්ව දැනුවත් කරන්නත් ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

