මහනුවර ඇසළ පෙරහර ආරම්භ කරයි
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය අද (01දා) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.
මහනුවර විෂ්ණූ දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම මෙහිදී සිදුකළ අතර මේ අවස්ථාවේදී එම වෘක්ෂය හදුන්වනු ලබන්නේ “ පනස “ වෘක්ෂය වශයෙනි.
කපා ගත් කප මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලය දක්වා කප් වැඩවීම ( කල්ප වෘක්ෂ පෙරහැර ) අද (01දා) උදැසන මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුන්ඩ දේවාලයෙන් ආරම්භ කෙරිණ.
මහනුවර ඇසළ පෙරහැර සඳහා කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය හෙට (02දා) පෙරවරු 5.10 යෙදෙන සුභ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලයන්හිදී උතුරු දිශාභිමුඛව සිදුකිරීමට නියමිතය.
කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ. අගෝස්තු පස්වන දින කුඹල් පෙරහැර ආරම්භ වී දින පහක් වීදි සංචාරය කරන අතර අගෝස්තු දස වන දින රන්දෝලි පෙරහැර ආරම්භ වේ.
අගෝස්තු 14 වන දින නිකිණි පුරපසළොස්වක පෝය දින අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන අතර පසුදින දහවල් පෙරහැර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.
චමිල් රූපසිංහ



popular news
-
Kumar Saturday, 03 August 2019 08:01 PM
ඔය අලියා වගේ නේද ඉස්සර කරඩුව ගෙන ගිය අතාත්. අන්තිම ඒ හස්තියා අසනීපයෙන් සිට අන්තිම හුස්ම හෙලුවම මොකද කාලෙ. මම ඇහැල තියෙනව පාන්සකුලෙකුත් දෙනවා කියල. කොහොමහ හරි අන්තිමට ඒ සතාව හමගහල පුළුන් පුරවල මහජනයට පෙන්නලා ගනනක් හම්බ කරනව. ඒ වෙන්න ඇති කලගුණ සැලකීම. මම නම් ඒ පැත්තටවත් යන්නෙනැ. ඒ විතරක් නොවේ මම සත්තු හිරේ දමල ඉන්න තැනකට යන්නෙත්නැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

