මහජන එක්සත් පෙරමුණේ 22 වන මහා සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්
මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනය අද (17) පෙරවරුවේ කොළඹ නවනගර ශාලාවේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ,මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් ද , බැසිල් රාජපක්ෂ, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ද, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





popular news
-
Champa Sunday, 17 February 2019 07:59 PM
හහ හා හා මාස දෙකකටත් අඩු චූටි කාලෙකට, අගැමති තනතුරට සුදුස්ස විදිහට 85 ස් සැරයක් සජිත්ගෙන් (71 වරක්) සහ කරුගෙන් (14 වරක්) අහල ඒ දෙන්න බැහැ කිව්වා නිසා 86 වෙනි තේරීම වෙලා මෛත්‍රීගේ පින් අගමැතිකම සහ පින් ඇමති තනතුරු අරගෙන දැන් වහල්ලු වෙලා ඉන්නවා. ඒ පැත්ත බලන්න කිව්වහම ඒ පැත්ත බලනව, මේ පැත්ත බලන්න කිව්වහම මේ පැත්ත බලනවා. හිට ගන්න කිව්වහම හිට ගන්නවා ඉඳ ගන්න කිව්වහම ඉඳ ගන්නවා. යන්න කිව්වහම යනව එන්න කිව්වහම එනවා. මං නැතුව බැහැ කියන්න කිව්වහම මං නැතුව බැහැ කියනවා. යූඑන්පී එක පරද්දන්න මං ඕනේ නේද කියල ඇව්වහම ඔව් ඔව් ඔබ ඕනේ කියනවා. Hooray කවියක් ආව කටට..
Reply : 0 0
Champa Sunday, 17 February 2019 09:26 PM
""මෛත්‍රි ඔබ වෙනුවෙන් මම"" ගායනය: මහින්ද රාජපක්ෂ --- පද රචනය: චම්පා --- තනුව: නිහාල් නෙල්සන් ----------..--------- ලස්සණට පිපුන කටු මල් - කණ පැලෙන වදන් වැල් ------ මං ආසම ඔබෙ කපටි හිනා මල් ----- දුර ඈත කාලෙ ගල් - වරුසා, පිහිතල් ------ දැන් ඔබ මගෙ මෛත්‍රි සුරතල් ----------..--------- ඉස්සර මං එනකොට ඔබ ඉඳන් මඟ බලා - රුස්සන් නැති විදිහට කට ගස්සල කරලා ------ මාව හිරේ දාල දෙතිස් වදය දෙනවැයි කියලා ----- ඇයි මෛත්‍රී දැන් ඔබ සිල් රෙද්දට බැහැලා - සිල් රෙද්දට බැහැලා සිල් රෙද්දට බැහැලා --- ඇයි දැන් සිල් රෙද්දට බැහැලා -----------..------------ සුපුන් චන්ද්‍ර මමයි දිලුන තරු වට වෙත්දී ----- රැල්ලට සුදු වැල්ල වගෙයි පාරට එත්දී ------ දනන් පිනන මගෙ රුව මුළු රට ඉල්ලත්දී ------ සිරි සඟ බෝ කෙනෙක් වුනා මා හිස දන් දී ------ මා හිස දන් දී - ඔබ වෙනුවෙන් දන් දී ------- මගෙ හිස ඔබ වෙනුවෙන් දන් දී
Reply : 0 1
Champa Sunday, 17 February 2019 09:56 PM
හා හා දැනුයි දැක්කේ. දිනේෂ් බැසිල්ව ඉස්සරහ පේලියේ ළඟ තියාගෙන ගම්මන්පිලවයි වාසුවයි පිටිපැස්සට දාල. අනේද කියන්නේ. විමල් කපටිය ඇවිල්ල නැහැ නේද? දැන් මේක වැටුනහම මෛත්‍රී වෙන මොකක් හරි එකකට විමල්ව ගෙන්න ගෙන පින්තූරෙට ඉඳියි. තනිකරම වහල්ලු දැන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

