ADA
www.ada.lk
2025 අගෝස්තු මස 24 වන ඉරිදා
“දැයක් නගන සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරුණු බද්දේගම නගර අලංකරණ ව්‍යාපෘතිය පසුගිය 15 වන දින වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබීය.
මෙම වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ නගර 05 ක් සංවර්ධනය කෙරේ. පරිසර හිතකාමි සුවපහසුව නගරයක නවමු අත්දැකීමක් විඳ ගනිමින් අලංකාරවත් නගරයක් ඇති කිරීමේ මුලික පරමාර්ථය යටතේ බද්දේගම නගරය වඩාත් ආකර්ෂණය ලෙස සහ ආරක්ෂිත ලෙස සංවර්ධනය කර තිබේ.
ඒ යටතේ බද්දේගම මංසන්දිය පදික වේදිකා සමඟ සංවර්ධනය කර විධිමත් කිරීම, බද්දේගම ඔරලෝසු කණුව මංසන්ධියේ සිට නාගරික උද්‍යානය දක්වා මාර්ගය දෙපස භූමි අලංකරණය කිරීම, රුක් රෝපණය, නාගරික උද්‍යානය ඉදිරිපිට වූ මතුපිට කාණු පද්දතිය සකස් කීරීම, නාගරික උද්‍යානය ඉදිරිපස විවේක සහ විනෝද පහසුකම් සහිතව සංවර්ධනය කිරීම, මල් බඳුන් සහ මල් පැල මඟින් නගර අලංකරණය කිරීම, ඇවිදීමේ මංතීරු, ඉන්ටර්ලොග්ගල් අල්ලා සැකසීම සහ වීදි අලංකරණය සිදු කිරීම යන සංවර්ධන කටයුතු සිදුකර තිබිණ.
බද්දේගම නගර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 15.7 ක මුදලක් වැයකර තිබිණ. නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය 2021 සැප්තැම්බර් මස ඇරඹූ අතර එය 2021 දෙසැම්බර් මාසයේ දී නිමාවට පත්කර තිබේ.
popular news
සිහෙළ ගෞතම සිරි සම්බුද්ධ නිකාය ශාසන විරෝධියි
ලෝකයේම ආදරයට ලක්වූ විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ සමුගනියි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
පාඨලීලාගෙන් අලුත් සන්ධානයක්
මාලිමා නඩය ආණ්ඩුවක් ඇතැයි සිතීම මිත්‍යාවක්
මහ මොළකාරයා කවුද කියලා හැමෝම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd