පාස්කු ප්රහාරයේ වින්දිතයන් සමග කාදිනල් හිමි වතිකානයට
පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (22දා) උදෑසන ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුතුමන් 08 දෙනෙකු අද අලුයම 05.02 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
මෙම පිරිස එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ වතිකානය වෙත පිටත්ව යාමට නියමිතය .
මීට අමතරව පියතුමන්ලා සහ කන්යා සොයුරියන් 18 දෙනෙකු ද , පාස්කු ප්රහාරයේ දී වින්දිතයන් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනෙකු ද , කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද , මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද අනෙක් කණ්ඩායමට ඇතුළත් වී සිටියහ .
ඔවුන් පිරිස අද උදෑසන 10.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .
පසුව මෙම පිරිස ද එඑතැන් සිට ඉතාලියේ වතිකානය බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතය .


popular news
-
Chandimalfernando Sunday, 24 April 2022 07:58 PM
රට පාලනයට 225ක් කුමටද?අවුරුදු 74 කෙලියා හොඳටම ඇති කාලකන්නි හැත්ත රැකියාවක් කරපියව් !පින් බත් කන හැත්ත ,හැම එකාටම හෙන ගහනව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

