පාසල් ප්‍රජාව ජුලි 26ත් වර්ජනයකට
- 20 07 2018
- 19:29
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජූලි 26 දින ගරුවරු, විදුහල්පතිවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු අධ්‍යාපන සේවාවන්වල නිලධාරීන් එක්ව ඒකාබද්ධ එක්දින වැඩ වර්ජනයක් නැවතවරක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන සේවාවන්ට දේශපාලන පලිගැනීම් කමිටු නිර්දේශ මත නීත්‍යානුකූල නොවන ලෙස පත්වීම් ලබාදීමට එරෙහිව ඔවුන් නැවතවරක් මෙම වර්ජනය සිදුකරයි.
මීට පෙර පසුගිය ජුලි 04 දා පැවැත්විණ. නැවතවරක් පවත්වන එක්දින වර්ජනය පිළිබඳව මහජනතාව හා පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමේ ක්‍රියාමාර්ගයක් අද (20දා) පෙ.ව. 6.30 සිට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්විණි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
