ප්රංශ ජයග්රහණ සැමරුම - දෙදෙනෙක් මරුට, තුන්සීයක් අත්අඩංගුවට
ප්රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්රාහකයන් ලෙස කිරුළු පැලඳීම එරට ක්රීඩකයන්ට මෙන්ම ක්රීඩා ලෝලීන්ටද නවමු අත්දැකීමක් එක් කළේය. විශේෂයෙන් විසි වසරකට පසු නැවතත් ප්රංශයට ලෝක කුසලානයක් පැමිණීම දැඩිව සැමරීමට එරට ක්රීඩා ලෝලීහු පියවර ගත්හ.
නමුත් එම සැමරීම කෙතරම් දුරට සීමා රහිතව සිදුවූවාද කිවහොත් ඊයේ වන විට ක්රීඩා ලෝලීන් දෙදෙනෙක් මිය ගොස්, තවත් 300කට ආසන්න පිරිසක් පොලීසිය විසින් සිර බාරයට ගැනීමට තරම් මෙය ප්රබල විය.
ලැබූ ජයග්රහණය සාමයෙන් ඉවසා සිටීමට නොහැකි වීමේ ප්රතිවිපාක ප්රංශය වින්දේ මේ අයුරිනි. නමුත් ප්රංශ කණ්ඩායමේ ක්රීඩකයන් තමන්ගේ ජයග්රහණය සාමකාමීව කෙළිදෙළෙන් විඳින ආකාරයේ ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයේ පළකර තිබිණි.











popular news
-
Champa Tuesday, 17 July 2018 04:40 PM
ඔන්න දියුණු රටක හැටි. ජයග්රහණයේදී නිහතමානී විය යුතුයි කියන එක අහල නැහැ.
Reply : 99 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

