නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ලෝකයේ ලොකුම අතුරුපස පීසාව නිපදවයි
නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදින් ඇතුළු සේවක මණ්ඩලය එක්ව ලෝකයේ ලොකුම අතුරුපස පිසාව නිපදවා එය පිළිගැන්විම (17දා) එම හෝටලේදි සිදු කෙරිණ.
මෙම ස්ට්‍රොබෙරි අතුරුපස පිසාව සඳහා ස්ට්‍රොබෙරි කිලෝ 200 උපයෝගි කරගෙන තිබු අතර එම පිසාව නිපදවිම සදහා උපයෝගි කරගත් අනෙකුත් ද්‍රව්‍ය සමග මුළු පිසාවේ බර කිලෝ 1400 යුක්ත වෙයි.
ස්ට්‍රොබරි පිසාව හය දහසකට අනුභව කල හැකි බව එය නිපදවු සුපවේදින් කියා සිටි. පිසාවේ විශ්කම්භය අඩි 25 ක් සහ උස අඟල් 6 කින් යුක්ත වෙයි. නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලේ ප්‍රධාන සුපවේදින් වන ප්‍රියන්ත විරසිංහ සහ විරාජ් ජයරත්න යන මහත්වරුන් සහ එහි සේවකයින් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙය සකස්කර ඇත.
ශ්‍රි ලංකාවේ නුවරඑලියේ පමණක් වැවෙන ස්ට්‍රොබෙරි වගාව ලොව පුරා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ නුවරඑලිය ප්‍රදේශයේ ස්ට්‍රොබෙරි වගාකරුවන් දිරිගැන්විම මෙම පිසාව නිර්මාණය කිරිම තුළින් අවස්ථාව ලැබෙන බවයි නුවරඑලිය මහ නගර සභාවේ සභාපති චන්දන ලාල් කරුණාරත්න මහතා කියා සිටියේය.




popular news
-
Kumar Monday, 20 August 2018 07:23 AM
ලංකාවේ සංචාරක හෝටල්වලට ලාංකිකයන් එනවට අකමැති වගනම් මම අහල තිබෙනවා. මෙරටේ නම් තම රටේ අයට සැලකීමේ වෙනසක් නැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

