ADA
www.ada.lk
2025 අගෝස්තු මස 24 වන ඉරිදා
MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී.
නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට කැපුන්ගොඩ දක්වා කිලෝමීටර 09ක වෙරළ තීරයෙහි විශාල වශයෙන් දූෂණයට ලක්වූ උස්වැටකෙයියාව, ඇලෙන්එගොඩ, සරක්කුව සහ කැපුන්ගොඩ යන වෙරළ ප්‍රදේශයන්හි නාවික හමුදාව සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම මඟින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය ටොන් 1500 කට අධික ප්‍රමාණයක් මේ වන විට (2021 ජුනි 17) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත භාරදී ඇත.
ඒ අනුව සරක්කුව සහ කැපුන්ගොඩ අතර අධික ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරය 2021මැයි මස 27 වන දින පැවති තත්ත්වය සහ 2021 ජුනි මස 16 වන දින වන විට පවතින තත්වය විදහා දැක්වෙන ඡායාරූප පෙල මඟින්, නාවික හමුදාවේ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුමේ සාර්ථකත්වය පෙන්වයි.
popular news
සිහෙළ ගෞතම සිරි සම්බුද්ධ නිකාය ශාසන විරෝධියි
ලෝකයේම ආදරයට ලක්වූ විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ සමුගනියි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
පාඨලීලාගෙන් අලුත් සන්ධානයක්
මාලිමා නඩය ආණ්ඩුවක් ඇතැයි සිතීම මිත්‍යාවක්
මහ මොළකාරයා කවුද කියලා හැමෝම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd