නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා සමන් පිච්ච පැළ සිටුවයි
ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගය දෙපස සමන් පිච්ච පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් ඊයේ (25දා)දවස පුරා පැවැත්විණි.
හැටන් පොලිස් අධිකාරි කාර්යාලය සමග එක්ව හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට අනුබද්ධ නොවෙනස් කළණ මිතුරු එකමුතුව සහ හැටන් ජිනානන්ද දහම් පාසලේ ළමුන් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
පළමු අදිරය යටතේ නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානය අසල සිට ගගුලතැන්න පොලිස් මුරපොල දක්වා සමන් පිච්ච පැළ 400 ක් රෝපණය කල අතර , දෙවන අදිරය යටතේ ගගුලතැන්න සිට ඉටිකටු පහන දක්වා සමන් පිච්ච පැළ රෝපණය කිරිම සිදු කරන බවයි නොවෙනස් කළණ මිතුරු එකමුතුවේ සමාජිකයන් කියා සිටියේ.
රෝපණය කරන ලද සමන් පිච්ච පැළ වැඩෙන තෙක් නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් සහ කළණ මිතුරු සමාජයේ සමාජිකයන් විසින් නඩත්තු කිරිමට නියමිතය.
මෙම සමන් පිච්ච පැළ රෝපණ වැඩසටහනට පොලිස් නිලධාරින් මෙන්ම වන්දනාකරුවන්ද සහභාගි විය.





popular news
-
Bamunu Arachchi Thursday, 26 January 2023 06:04 AM
Me wage amaaru kaala waladi, pinak Dahamak kara gaana eka Elowa melowa dekatama honayi!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
