තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
ෙමෙලෙස දිවයිනට පැමිණි CORVETTE වර්ගයට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව, දිගින් මීටර් 99.56 ක් හා නැව් මුළුව 147ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, ලුතිනන් කොමාණ්ඩර් Anil BİLGİN කටයුතු කරනු ලබයි.
‘TCG BÜYÜKADA’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට මෙන්ම, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතව ඇත.
තවද, නිල සංචාරය අවසන් කරමින් ‘TCG BÜYÜKADA’ නෞකාව 2025 ජුනි මස 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.




