ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 10 වන සඳුදා
අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැණවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය මාස 06ක කාලයකදී ගෙවීයන පරිදි ක්රීයාත්මක කිරීමට හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14දා) නියෝග කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට බන්ධනාගාර ගතකොට සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා එ්වන විට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා විසින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණ අපහාස වන අයුරින් හැසිර එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කර තිබේ.
එම සිද්ධියට අදාළව එක්නැළිගොඩ මහත්මිය විසින් හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කළ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඥානසාර හිමියන්ට මෙසේ දඬුවම් නියම කර තිබේ.
popular news
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්‍රකාශයට පත් කෙරේ
ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 40ක් අවදානමේ
අදානි අත්හල සුලං කුරුල්ලාට කුරුල්ලනුත් හරස්වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd