ජාතික හා ආගමික සහජිවනයෙන් පමණයි රට ගොඩනැගිය හැක්කේ
ජාතික හා ආගමික සහජීවනයකින් පමණක් රට යළි ගොඩනැගිය හැකි බවත් එහිදී දේශපාලන නායකයන්ට උපදෙස් හා මඟ පෙන්වීම ලබා දෙන ලෙසත් කතානායක කරු ජයසූරිය මහතා අතිපූජ්‍ය මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ මහතා මෙම ඉල්ලීම සිදු කර සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (08දා) පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 217 වැනි %අමරපුර දින සැමරුම^ උත්සවයේ විශේෂ කතාවක් සිදු කරමිනි.
ඒ අනුව ඒ සදහා ජාතීන් අතර සමඟිය හා එකඟත්වයක් ඇති විය යුතු බවට පෙන්වා දුන් කතානායකවරයා බෞද්ධ දර්ශනය ලෝකය වෙත ලබා දිමේදී ශ්‍රී ලංකාව ආදර්ශමත් විය යුතු බවද පවසා සිටියේය.
උත්සව සභාව අමතමින් වැඩිදුරටත් සිය අදහස් දැක්වූ කතානායකවරයා,
&කුඩා කාලයේ සිට දෙමවුපියන්ගේ ආදරය, සෙනෙහස හා මඟ පෙන්වීමත් වගේම උත්තරීතර සංඝයා වහන්සේලාගේද අනුශාසනාවන් ඔස්සේ මම මගේ දේශපාලන දිවියට අවතීර්ණ වුණා. මගේ දේශපාලන යත් සමඟ එය සමාජය තුළ මහත්මා දේශපාලනය ලෙස හැදින්වීමට ඒ සියලු මග පෙන්වීම් උපකාරී වුණා. අපි මේ පුංචි රටක් ලෙස බෞද්ධ දර්ශනය ලෝකයට ලබා දීමේදී ආදර්ශමත් විය යුතුයි. බෞද්ධ දර්ශනය, ආගම රැක ගැනීමේ විශාල කාර්යභාරයක් අපිට තිබෙනවා. ඉන්දීය අගමැති මෝදි මහත්මාත් අපේ රට හඳුන්වන්නේ බෞද්ධ දර්ශනයේ මුදුන් මල්කඩ ලෙසයි. ස්වාභාදහමට සමීපතම දර්ශනය බෞද්ධ දර්ශනයයි.
21 වැනිදා සිදුවීමත් සමඟ බොහෝ තරුණ තරුණියන් රට හැර යමින් සිටිනවා. මුස්ලිම් ධනවතුන් වෙනත් බොහෝ රටවල පුරවැසිභාවය ලබමින් තිබෙනවා. මෙය ඛේදයක්. මම අපේ ගෞරවණීය මහානායක හිමිපාණන් වරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ දේශපාලන නායකයන්ට උපදෙස් හා මඟ පෙන්වීම ලබා දෙන ලෙස. ආගමික හා ජාතික සහජීවනයකින් පමණයි රට යළි ගොඩනැගිය හැකි වන්නේ*යැයිද පැවසීය.
මෙහිදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ගෞරව සම්මාන 04ක් පිරිනැමනු ලැබිනි. ඒ අනුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්රාමහාපණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් අතින් තායිලන්තයේ පාරා සන්කෝන් තනපන්යෝ කුන්සිරි හිමිපාණන්, කතාකායක කරු ජයසූරිය මහතා, මහාචාර්ය අසංග තිලකරත්න මහතා මෙන්ම ව්‍යාපාරික ඩබ්ලිව්.ඒ . කපිල විජේසිරි මහතා වෙත ගෞරව සම්මාන පිරිනැමිණි.
මීට අමතරව ප්‍රාචීන විභාගය හදාරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙත ශිෂ්‍යත්ව මූල්‍ය ප්‍රදානයන්ද සිදුවූ අතර කොළොන්නාවේ සුමංගල හිමියන් විසින් එම පරිත්‍යාගයන් සිදු කර තිබිණි.
ඡායාරූප - ශමිර රාජපක්ෂ




popular news
-
රජින්ද Wednesday, 10 July 2019 01:52 PM
සහජීවනය, බම්බුව තමයි මෝදී ඉන්දියාව තිබුණු තැනින් මෙහෙම හරි ඉදිරියට ගෙනාවේ සහජීවනයෙන්ද? ඔයාලගේ දේශපාලන බන අහපු කාලේ ඉවරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

