ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියටත් කටයුතු කරනවා - ඇමති රුවන්
රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමටත්, ත්‍රිවිධ හමුදාවේ ගැටලු නිරාකරණය කිරිමටත් ඉදිරියේදී තවදුරටත් කැපවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මාස දෙකකට පමණ පස්සේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නැවතත් වැඩ භාර ගත්තා. ඉදිරියේදි ජනපතිතුමාගේ ආශීර්වාදත්, මග පෙන්වීමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදයත් මග පෙන්වීමත් එතුමා දෙන නායකත්ව උපදෙස් අනුව රාජකාරී කරන්න බලාපොරොත්තු වෙනවා.
අවුරුදු තුනක් තිස්සේ මේ රටේ ජාතික ආරක්ෂාවට මූලිකත්වය දීලා ත්‍රිවිධ හමුදාවන්ගේ ගැටලු නිරාකරණය කරන්න විශාල වැඩ කොටසක් කළා. මාස එක හමාරක් පමණ ඒ වැඩකොටස ඉදිරියට කරගෙන යන්න බැරිවුණා. ඒ කරපු වැඩ ටික ආපහු ඉදිරියට ගෙනිහිල්ලා මේ රටේ ආරක්ෂාව වෙනුවෙනුත් ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කිරිමටත් ගැටලු නිරාකරණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ජනපතිතුමාත් අගමැතිතුමාත් මා ගැන විශ්වාසය තබමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නැවත පත්කිරිම ගැන මම ස්තූතිවන්ත වෙනවා.”
popular news
-
Champa Monday, 24 December 2018 06:28 PM
මට අහන්න ප්‍රශ්න තියෙනව. (1) 2015 ජනවාරි ඉඳන් මේ දක්වා උතුරු නැගෙනහිර ඉවත් කරපු යුධ, නාවුක, ගුවන් හමුදා කඳවුරු ප්‍රමාණය කීයද? (2) එසේ ඉවත් කිරීම නිසා අවතැන් වූ සෙබළුන් ගාන කීයද? (3) 2009 සිට මේ දක්වා උතුරු නැගෙනහිර නිදහස් කල ඉඩම් ප්‍රමාණය කොපමණද? (4) ඒව ලැබූ පුද්ගලයන් ලංකාවේ පදිංචිකරුවන්ද? ඔවුන් දැනට ඒ ඉඩම් වල පදිංචිද? දෙමල, මුස්ලිම් සහ සිංහල වශයෙන් ගාන කියන්න පුලුවන්ද? (5) තවමත් IDP මිනිස්සු ඉන්නවද? --- මේවා හරි නම් පාර්ලිමේන්තුවේ අහන්න ඕනේ ප්‍රශ්න. ඒ වුනාට මට මේවා අහන්න කියන්න දන්න මන්ත්‍රීවරු කවුරුවත් නැහැ. ඒ හින්ද මෙතන අහනවා. ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් දීම ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි විනිවිදභාවයෙන් වැඩ කරනවා නම් හොඳයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

