ජනපති පැය 03ක් ගොවිජනයේ
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය.පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීය.
දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
වී ගොවිතැන සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදා ගත යුතු බව ද ,ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව සොයා බලන්නැයි ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

