චීනය ඔලිම්පික් ඉතිහාසය වෙනස් කරයි
ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.
බීජිං ශීත ඍතු ඔලිම්පික් උද්‍යානයේ දී, අංක 254 දරණ පන්දම් දරන්නා විසින් ගින සිළුව රොබෝවරයෙකුට ලබා දුන් අතර, පසුව එම රොබෝවරයි විසින් යොංඩිං ගඟේ පතුලේදී තවත් රොබෝවරයෙකු අත තිබූ ඔලිම්පික් ගිනිසිළු දැල්වීමට කටයුතු කළේය.
දිය යට මෙසේ ගිනි සිළුව දල්වා තැබීම වෙනුවෙන් විශේෂ දුම් රහිත පරිසර හිතකාමී වායුමය ඉන්ධනයක් භාවිතා කළ එය චීන රජය සතු China Aerospace Science and Industry Corporation (CASIC) හි තුන්වන ඇකඩමියේ පර්යේෂණ ආයතන 31 සමඟ නිර්මාණය කර ත ිබේ.
මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කළ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන රසායනාගාරයක අධ්යක්ෂ Li Chunguang පැවසුවේ, විදුලි පන්දම දිය යටට යන විට දැල්ල නොනවත්වා දැල්වීමට හා විවිධ උෂ්ණත්ව හා පීඩන වෙනස පවත්වා ගැනීම වැනි අභියෝග ජය ගැනීමට නිර්මාණකරුවන්ට සිදුවූ බවයි.




popular news
-
Kumar Saturday, 05 February 2022 02:08 AM
wathurayata gindhara genayana eka amuthu deyaka nove. Kimidum karuwan andhuru thanwalata yanne magnesium pundum ragenayi. magnesium jalaya yatath dalwenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

