චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක යළිත් වෙළෙඳ පොළට
දිවයින පුරා මේ දිනවල සිදු කරන විදුලි කප්පාදුවත් සමග පැරණි චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක යළිත් වෙළෙඳ පොළට පැමිණ ඇත.
වසර 50 කට පමණ පසු පාරිභෝගිකයන්ගෙන් චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක වලට විශාල ඉල්ලුමක් පවතින බවත්, ඒ අනුව චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක අලෙවි කිරිම සදහා වෙළෙඳ පොළට රැගෙන ආ බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.
චිමිනි ලාම්පුවක් රු 1500 කට අලෙවි කරන බවත්, චිමිනි ලාම්පුවේ බෝතල් කොටසේ යම් හිගයක් පවතින බවත්, අඟුරු දමා රත්කර රෙදි මදින ස්ත්‍රික්කයක් රු 2000 මිලකටත් අලෙවි කරන බවය හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පැවසීය.
චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක මිල දි ගන්නා හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටින්නේ මුළු ලෝකයම තාක්ෂණයෙන් ඉදිරියට ගමන් කරන අවදියක ශ්‍රි ලංකාවේ ජිවත් වන ජනතාව වසර 50 ක් ආපස්සට ගොස් ඇති බවයි.




popular news
-
සෙනෙවිරත්න Monday, 28 March 2022 05:07 AM
ඔරකල් ඩේටබේස් කරන්න හිතාගෙන හිටිය මදෑ. ලඟදිම කෙලෙ අතු අඳින්නත් වෙයිද මන්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
