චයිනා එයාර් යළි ලංකාවට එයි
චීන ජාතික ගුවන් සේවය වන " එයා චයිනා " (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය, ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණි .
මෙම ගුවන ගමන සඳහා සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි. චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු (Chendu ) නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම චීන ජාතික ගුවන් සේවයේ සී.සී.ඒ.- 425 (C.C.A.- 425) දරන ගුවන් යානය 07/03 දින රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ සිටියහ. මින් පසුව මෙම චීන ජාතික ගුවන් සේවයේ ගුවන් යානා පැය පහයි විනාඩි තිහක ගුවන් ගමනක යෙදෙමින් , සෑම සතියකම සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිතය.
මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන්ග්, චීන ජාතික ගුවන් සේවයේ ආසියා ෆැසිපික් කළාපීය කළමනාකරු ෂූයි ජුන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.




popular news
-
Kumar Tuesday, 04 July 2023 02:03 PM
americaanuwant Cheenayata yaamen walakinna kiyala niweydanayak nikuth kara thibenawa. may niwaydanayata heythu cheena rajayen panawa athi nawa neethi anuwa onama kenek kisima heythuwak nathiwa athadunguwata pathkala haki nisayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

