ගෝඨාගේ පුරවැසිභාවයට විරුද්ධව තුන්වන දිනටත් උපවාසය
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබෙනවා නම්, එය තහවුරු කරන ලෙස ඉල්ලා ඉඟුරුවත්තේ සුමංගල හිමි ආරම්භ කළ සත්‍යග්‍රහය අද (12දා) තුන්වන දිනටත් පැවැත්විණි.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමෙරිකානු පුරවැසියෙකු බවත්, පුරවැසිභාවය ඉවත් කරගෙන තිබෙනවා නම්, දින 03ක් තුළ එය තහවුරු කරන ලෙස ඉල්ලා ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියෝ කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිටදී පසුගිය 10 වැනිදා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළහ.
සත්‍යග්‍රහයට සහයෝගය දක්වමින් මේ වනවිට ගිහි පුද්ගලයෙකුද ඒ ආසන්නයේම සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමිගේ සුවදුක් විමසීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද සවස නිදහස් චත්‍රරස්‍රයට පැමිණියේය. එහිදී කෙටි පිළිසදරක නිරත සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ, රටේ පුරවැසියෙකු නොවූ පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින බවයි.
නාමයෝජනා ඕනෑම අයෙකුට ඉදිරිපත් කළ හැකි බවත්, එම අවස්ථාවේදී පුරවැසිභාවය පිළිබඳ නීතිමය ප්‍රශ්නයක් ඇති නොවන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා



popular news
-
Kumar Tuesday, 12 November 2019 09:59 PM
ස්වාමින්වහන්ස. ඉතා ගව්රවයෙන් ඇයද සිටින්නේ ඔබවහන්සේගේ උපවාසය අත හරින්න කියල. ඔබ වහන්සේ අපවත් වුනොත් ලොකු අවමංගල්‍ය උත්සවය පවත්වල සිල්ල්ලම අවස්නකරයි. ඔබවහන්සේ ජීවත්ව ඉන්නවනම් සුලුදෙන්කුට හෝ යහපතක් වෙනවාමයි. බල තණ්හාවෙන් පෙලෙන අය උපවාස ගණන්ගන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

