ගුවන් හමුදාවේ අලුත්ම මෙහෙයුම මෙන්ම
ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් බීජ පිපිරවිමේ (Seed Bombing/බීජ ගුවන් මගින් ඉසීමේ) ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ (12දා) සිදුකර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පේරාදෙණිය විශ්ව විද්‍යලයේ හා මාස් හෝල්ඩිංග්ස් සමාගම එක්ව කළ මෙම වැඩසටහනේදී රනෝරාව රජයේ වනාතරයට බීජ 5000ක් පමණ ගුවනේ සිට පතිත කිරීම සිදුකර තිබේ.
ඒ සඳහා අනුරාධපුර ගුවන් හමදා කඳවුරේ එම්.එයි. 17 හෙලිකොප්ටරයක් යොදාගෙන ඇති අතර කරඳ, මී, කුඹුක් යන වර්ගවලට අයත් බීජ 5000ක් මෙසේ අක්කර පහක භූමියක් වෙත පතිත කර තිබේ.
2030 දී ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 27% සිට 32% ක් දක්වා වර්ධන කිරීමේ වැඩසටහනට සමගාවීමට මෙම මෙහෙයුම දියත් කර තිබේ.







popular news
-
janith Thursday, 13 December 2018 01:18 PM
ගොඩක් හොද වැඩක් . අගය කරනවා ගොඩක් . මේවට තමා ගුවන් ගමන් පාවිච්චි කරන්න ඕනේ. නෙතුව දේශපාලනයට නෙමේ.
Reply : 0 28
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

