ADA
www.ada.lk
2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා
නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම සිදු විය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද නීල හරිත ව්‍යාපෘතිය යටතේ ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීම ආරම්භ කරන ලදී.
ඒ අනුව ඉතා දීර්ඝ කාලයක සිට එක්රැස්ව තිබූ ප්ලාස්ටික් හා පොලිතීන් වැනි අපද්‍රව්‍ය ඉවත් කර මේ වන විට ඉතා පිරිසිදු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ශණය දිනා ගැනීමට හැකි වෙරළ තීරයක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබී ඇත.
නීල හරිත ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනේ ප්‍රථිපල මල්ඵල දරමින් පසුගිය දිනක ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාවික හමුදාව විසින් කැස්බෑ බිත්තර සොයා ගන්නා ලදි.
මෙය මීට පෙර මෙම ප්‍රදේශය තුළ කිසි දිනෙක සිදු නොවූ ඉතා විරළ අත්දැකීමක් වන අතර, නාවික හමුදාධිපතිගේ සෘජු අධීක්ෂණය යටතේ එම බිත්තර අදාල ස්ථානයේම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලදි.
ඒ අනුව එහි සාර්ථක ප්‍රථිඵල ගෙන දෙමින් එම බිත්තර තුලින් කැස්බෑ පැටවුන් පිටතට පැමිණීම සිදු විය. මෙලෙස පිටතට පැමිණි කැස්බෑ පැටවුන් අසු තුන්දෙනෙකු (83) නාවික හමුදාධිපති විසින් 2020 පෙබරවාරි 05 වන දින සවස් කාලයේ ගාලු මුවදොර මුහුදු තීරයේදී සාගරයට මුදාහැරීමට කටයුතු කරන ලදි.
popular news
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.අයි.ඩී. අත්අඩංගුවට
පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ලෝකයේම ආදරයට ලක්වූ විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ සමුගනියි
පාඨලීලාගෙන් අලුත් සන්ධානයක්
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
මාලිමා නඩය ආණ්ඩුවක් ඇතැයි සිතීම මිත්‍යාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd