ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා
සියදිවි හානිකර ගැනීමේ අදහසින් මාතර, මහානාම පාලම මතින් නිල්වලා ගඟට පැන ඇති එක්දරු මවක යළි ගොඩට පිහිනා විත් දිවි බේරාගැනීමේ පුවතක් අද (16 දා) වාර්තා විය. එසේ ජීවිතය බේරාගැනීමට සමත් වූයේ මොරවක නෙළුව පදිංචි චින්තා සුභාෂිණී මාවතගම (අවු.32) නමැති කාන්තාවකි.
මිනිත්තු 10 ක පමණ කාලයක් ඇය ගං ඉවුර දෙසට පිහිනා විත් මෙසේ දිවි රැකගෙන ඇති අතර, පී.ඩී. ජයසිරි (41) මහතා ගංඉවුරට ගොස් උණ බටයක් දිගු කර ඇයගේ දිවි බේරාගැනීමට උපකාර කර ඇත. පසුව මාතර යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව අදාළ කාන්තාව මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
popular news
ඉන්දියාව අසරණ කරමින් පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්රිකාවට
එම්.අයි.17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු පියාසර ඉංජිනේරුවරිය පූර්ණිමා අනුරංගි
බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම
වන අලින්ගෙන් වගා ආරක්ෂාවට මී මැසි වැටක්
කාසියේ වාසිය පාකිස්තානය - ශ්රී ලංකා නායකත්වයේ වෙනසක්
දඩ මස් සමග අනුරපුර පූජා නගරයේ දේවාලයක කපුවෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd