ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සාමාජික මන්ත්‍රීවරුන් රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කාරක සභාවේ සභාපත පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ උපදෙස් පරිදි පසුගියදා (22) මෙම නිරීක්ෂණ චාරිකාව සිදු වූ අතර මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර, සුසන්ත කමාර නවරත්න සහ (වෛද්‍ය) ජනක සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
පසුගිය (09) වැනිදා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (COPA) කැඳවූ අවස්ථාවේදී දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් 63ක් සහ බලවේග කට්ටල 40ක් අවුරුදු 01 සිට අවුරුදු 08කට ආසන්න කාලයක් රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල පරිශ්‍රයේ හා දුම්රිය නැවතුම්පළ වල නවතා ඇති බව සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත්‍ර හා යන්ත්රාගාර ඌන උපයෝජනයක් සහිත බව නිරීක්ෂණය වූ අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂාකර බැලීමට මන්ත්‍රීවරු මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කළහ.
මෙහිදී රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත පෙරේරා මහතා සහ නියෝජ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු නිලූපා ඒකනායක මහත්මිය වැඩ බිමේ ඒ ඒ ස්ථාන සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළ අතර අදාළ වැඩ බිම්වල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය ද එම නිලධාරීහු මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්හ.
වැඩ බිම පරීක්ෂා කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වී ඇති බවයි. එසේම ඇතැම් යන්ත්‍රෝපකරණ අවශ්‍ය කරන පාරිසරික තත්ත්වයන් තුළ ස්ථාපිත නොවී ඇති බවක් නිරීක්ෂණය වන බව පෙන්වාදුන් මන්ත්‍රීවරුන්, ප්‍රමාණය ඉක්මවමින් ඇතැම් උපකරණ මිලදීගෙන ඇති බවද පෙන්වා දුන්හ. එසේම නිරීක්ෂණ චාරිකාව මගින් හඳුනාගත් සියලු කරුණු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ ප්‍රවාහනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ද මන්ත්‍රීවරු පැවසූහ.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd