කෝටි 15ක් ගින්නට දැවෙයි
පුත්තලම විරුතොඩේ ප්රදේශයේ කොහු අපනයන කර්මාන්ත ශාලාවක 3 දින හදිසියේ ඇති වු ගිනි ගැනීමකින් එම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ගිනි ගැනීමට ලක්ව තිබුණේ විරුතෝඩේ පිහිටි ජවාඩ් ඉන්ටනැෂනල් කොහු අපනයන කර්මාන්ත ශාලාව බව පොලීසිය කියයි.
ගින්න හේතුවෙන් සිදුව ඇති අලාභය රුපියල් කෝටි 15 කට ආසන්න බව පුත්තලම පොලිසිය කියයි.
3 දින උදැසන මෙම කර්මාන්ත ශාලාවේ පිටුපස කොටස තුළ ගිනි ගැනිම ආරම්භ වී තිබූ අතර එය නිවා දැමිමට සේවකයින් පළමුව කටයුතු කර තිබුණද ගින්න ක්රමයෙන් පැතිරි ගොස් ඇති බව පොලීසිය කියයි.
පසුව පුත්තලම හා හලාවත නගර සභාවල ගිනි නිවන ඒකක සමග නාවික හමුදා ගිනි නිවන ඒකක කොහු කර්මාන්ත ශාලාවේ පැතිරි ගිය ගින්න නිවා දැමිමට කටයුතු කලද එය නොහැකි වි තිබුනී.
මෙම ගින්න පැය 10 කට වැඩි කාලයක් සම්පුර්ණයෙන් පැතිරි තිබු බව පොලිසිය පවසයි.








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

