කොම්පඤ්ඤවීදියේදී මෝටර් රථයක් ගිනි ගනියි
කොළඹ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ මහජන බැංකු ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය සඳහන් කරයි.
මෝටර් රථය ලේක්හවුස් වටරවුමේ සිට කොම්පඤ්ඤ වීදිය දෙසට ධාවනය වීමේ දී එහි ඇන්ජිම දෙසින් දුමාරයක් හට ගැනීමත් සමගම රියදුරු ලෙස කටයුතු පුද්ගලයාය එය නවතා ඉවත් වී සුළු කාලයක් තුලදී මෙම ගින්න හටගෙන ඇත.
ගින්න සැලවූ වහාම ක්රියාත්මක වූ කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එම ස්ථානයට කැඳවා ගින්න මැඩ පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
මෙම ගින්න හේතුවෙන් ලේක්හවුස් වටරවුමේ සිට කොම්පඤ්ඤ වීදිය දෙසට වාහන ධාවනය මද වේලාවකට සම්පූර්ණයෙන්ම ඇන හිටි බව පොලිසිය කියයි. ඇති වූ ගින්නෙන් ඇන්ජින් කොටසට දැඩි හානි සිදුවී ඇත.
දොම්පේ ප්රදේශයේ පුද්ගලයකුට අයත් මොටර් රථයක් මෙලෙස ගින්නට අසු වී තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

