කොකාවිල් දළ ඇතාගේ ජීවිතය අනතුරේ
කිලිනොච්චිය, කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දළ ඇතා මේ දිනයන්හි ඒ-9 මාර්ගය අසල සැරිසැරීම හේතුවෙන් එම සත්ත්වයා දඩයම්කරුවන්ගේ ගොදුරක් විය හැකි බවට කොකාවිල් ප්රදේශවාසීහු පවසති.
මේ දිනයන්හි පවතින අධික පෑවිල්ල හේතුවෙන් ජලය සොයා මෙම ඇතා කොකාවිල් රක්ෂිතයේ සිට ගම්වදින අතර ඒ-9 ප්රධාන මාර්ගයේද සැරිසරයි. දළ ඇතාගේ ආරක්ෂාව පිළිබඳ කිලිනොච්චිය වනජීවි නිලධාරීන් පියවර ගත යතු බවටද ප්රදේශවාසීහු පවසා සිටිති.
දළ සහිත ඇතෙකු බොහෝ කලකට පසුව ඉතා කලාතුරකින් කිලිනොච්චියේදී දැක ගැනීමට අවස්ථාවක් ඇති වුවද ඇතාගේ ජීවිතය දැඩි අවධානමක ඇති හෙයින් අවධානමට පෙර සූදානම් විය යුතු බවටද කොකාවිල් ප්රදේශවාසීහු වැඩිදුරටත් පෙන්වා දෙති.



popular news
-
Champa Sunday, 29 July 2018 10:13 PM
අයියෝ අයියෝ, පුළුවන් ඉක්මනට මේ ඇතා ගැන පියවරක් ගන්න. දල ඇත්තු එකසිය ගානයි රටටම ඉන්නේ. අනේ කොච්චර ලස්සන සතෙක්ද දළ ඇතෙක් කියන්නේ. මොන හිතකින් මේ සතාට වෙඩි තියනවද? ලංකාව ඇත්දළ වෙළඳාම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. ලෝකේ ලොකුම ඇත්දළ වෙළඳ පොළ තිබුන ඇමරිකාව වගේ රටකුත් ඇත්දළ ආශ්රිත භාණ්ඩ තහනම් කළා. චීනෙත් කිව්වා ඇත්දළ වෙළඳාම අතැරලා දානවා කියලා. අපේ ඇත්තු ටික බේරගන්න නම් ඇත්දළ ආශ්රිත වෙළඳාම සම්පූරණයෙන් තහනම් කරන්න ඕනේ.
Reply : 1 218
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

