කිලිනොච්චියේ 10 වසර සිසුවෙක් නිපදවූ සූර්ය බලයෙන් වැඩ කරන ත්‍රිරෝද රථය
කිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කළ හැකි ත්‍රී රෝද රථයක් නිර්මාණය කොට ඇත.
10 වසරේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් ප්‍රණවන් සිසුවා විසින් නිර්මාණය කොට ඇති මෙම ත්‍රී රෝද රථය මේ වන විට සාර්ථකව ධාවනය කිරීමට හැකියාව ලැබී ඇතැයි සිසුවා පවසයි.
පැයට කිලෝමීටර් 50 ක උපරිම වේගයකින් ධාවනය කල හැකි මෙම සූර්ය කෝෂ පැනල් භාවිත ත්‍රී රෝද රථය නිර්මාණය කිරීමට මාස 06 ක පමණ කාලයක් ගත වූ බවට සුන්දරලිංගම් සිසුවා පවසා සිටියේය. ඒ පිළිබඳව අදහස් දක්වමින් සිසුවා පවසා සිටියේ,
‘‘ කොරෝනා වෛරසය නිසා අපට පාසල් යන්න විදහක් නැහැ. අන්තර්ජාලය ඔස්සේ ඉගෙනගත්තත් දවසේ වැඩි හරියක් නිවසට වී සීටීම කම්මැලි වුණා. කොරෝණා අවධානම නිසා මිතුරන් සමග සෙල්ලම් කරන්නත් විදිහක් නැහැ. ඒ නිසා මම මගේ සීයත් සමග දවසේ වැඩි කාලයක් ගත කළා. එයා හොඳ කාර්මිකයෙක් මේ නිසා මම සීයට මේ සූර්ය පැනල් යොදා සාදන ත්‍රී රෝද රථ නිර්මාණය කිව්වාහම මට සහය දුන්නා.
ඉතින් මම සීයාගේත් උදව් ඇතිව පසුගිය මාස 06 ක කාලය පුරා මේ සූර්ය කොෂ පැනල් භාවිතයෙන් ධාවනය වන ත්‍රී රෝද රථය හැදුවා මට ගොඩක් සතුටුයි මගේ නිර්මානය සාර්ථක වීම ගැන. රටේ ඉන්ධන ගැටලුවටත් මේක හොඳ විසඳුමක් වෙයි.”

popular news
-
Monarch Tuesday, 31 August 2021 06:30 AM
හොද අදහස. මේක තව දිවුණු කරන්න පුළුවන්. උදව් කරන්න වෙනවා. මේකන් වාහනේ Range එක වැඩිවෙනවා. මටත් ඔහොම අදහසක් තිබුන. ඒ වගේ වාහන හදල තියෙනවා උදාහරණ Lightyear One සහ Sono Motors Sion. සුභපැතුම්..
Reply : 0 25
L.G.P.Jathunaachchi. Wednesday, 01 September 2021 09:40 AM
My heartiest congratulations to both of you for your great dedication !!!!
Reply : 0 65
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
