කියන දේ නොඅසා - කොරෝනාවට අත වනයි
ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) සවස විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි.
කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී ගාල්ල කොටුව බොහෝ සවස් කාලයන් හි පාළුවට ගොස් තිබුණ ද අද (21) නිවාඩු දිනයක් වීම හේතුවෙන් අති විශාල පිරිසක් එහි රැස්ව සිටියහ.
රජය විසින් උද්‍යාන, එළිමහන් ස්ථාන, ව්‍යායාම ස්ථාන සහ ඇවිදින මංතීරු විවෘත කර ඇතත් ඒවා පරිහරණය කිරීමේ දී සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙස දැනුම් දී තිබිණි.
එසේ වුව ද ගාල්ල කොටුවේ අද එවැනි දුරස්ථභාවයක් දක්නට තිබුණේ නැත. නිරෝධායන නීති නොතකා විශාල පිරිසක් රැස්ව සිටිනු දක්නට ලැබිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ස්ථාන කිහිපයකින් ම කොරෝනා පොකුරු මතු වී ඇති අතර පසුගිය දින කිහිපයක දී ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 200කට වැඩි පිරිසක් දෛනිකව වාර්තා වී තිබිණි.
සිරංගිකා ලොකුකරවිට






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

