කැස්බෑව ඇවිදින මංතිරුව කුඩා දැරියක් විවෘත කරයි
රුපියල් ලක්ෂ ගණනාවක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දරු දැරියක විසින් ඊයේ (28දා) සවස විවෘත කරන ලදී
නාගරික සංවර්ධන අධිකාරිය මගින් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වැයකර මෙම ඇවිදින මංතීරුව ඉදිකර තිබිණි.
කැස්බෑව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සවයකින් අනතුරුව කුඩා දරු දෙදෙනකු විසින් ඇවිදින මං තීරුවට ප්රවිශ්ඨ වීම සඳහා තිබෙන පිවිසුම හරහා යොදා තිබූ පීත්ත පටියක් කපා එය විවෘත කළේය.
"ජනතා බදු මුදලින් නිමකරන ලද කැස්බෑව වැව වටා ඇවිදින මංතීරුව 2022 - 04-28 ජනතාව සුරතින් විවෘත වූ වගයි" යනුවෙන් කුඩා පුවරුවක් ද පසෙක සවිකර තිබිණි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ







popular news
-
Deepal Nirosh Saturday, 30 April 2022 01:28 AM
අය්යෝ ගොම්මන්පිල..... නටපු තොවිලෙකුත් නැහැ, අන්තිමට බෙරේ පලුවකුත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

