කැලේට ගිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවැසීය.
රටේ දරුවන් වෙනුවෙන් ඉදිකළ බොහොමයක් ක්‍රීඩාංගණ නිසි ප්‍රයෝජනයක් නොගැනීම තුළින් ඉක්මනින් විනාශයට පත්ව ඇති බවත් එසේ වීමට ඉඩ නොදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කඩිනමින් සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (15) දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට සහභාගී වූ අවස්ථාවේ දී ය.
“අලුතින් ක්‍රීඩා පහසුකම් හදන්න කලින් තිබෙන සම්පත් අපි ආරක්ෂා කර ගත යුතුයි. දැනට තිබෙන ක්‍රීඩාංගණ සංවර්ධනය කර එයින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මේ වාගේ ක්‍රීඩාංගණ අභාවයට යාමට නොදී රැකගත යුතු අතර භාවිතා නොකර අත හැරියොත් ඉක්මනින් විනාශයට පත් වෙනවා. ඒවා නඩත්තුවට විශාල වියදමක් දරන්නට සිදුවෙනවා. රටේ දරුවන් වෙනුවෙන් ඉදි කළ බොහොමයක් ක්‍රීඩාංගණ වලින් නිසි ප්‍රයෝජනයක් නොගැනීම ගැන මම කණගාටු වෙනවා.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ වර්තමාන තත්තවය දැක්කාම විශාල සංවේගයක් මට ඇති වුණේ. ඇතැම් ඉදිකිරීම් නටඹුන් තත්ත්වයට පත් වීගෙන එනවා. මෙහි වර්තමාන තත්ත්වය සහ ඉදිරි සංවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මම කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමට බලපොරොත්තු වෙනවා. ඉදිරියේදී එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට භාරදී හෝ රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
ජාතික සම්පත් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් භාවිතා කරීමට පහසුකම් සැපයීම අපේ වගකීමක් වෙනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මා නිරතුරුවම බලාපොරොත්තු වන්නේ රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයෙන් උදව් අරගෙන අපේ දරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමටයි.
අද අපි ගන්නා නිවැරදි තීන්දු තීරණ අනාගතයේ දී අපේ රටෙන් බිහිවන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා බෙහෙවින් ඉවහල් වෙනවා.”








popular news
-
Chathuri Thursday, 16 June 2022 08:53 PM
Oya musala namin hadapu hamadeyakma bankoloth. Uge ammage sohonata th hena waduna kollo tika kadala pichchuwa Musala ballo tika
Reply : 1 0
Demuni Uduwara Friday, 17 June 2022 12:55 AM
An irregular investment!
Reply : 0 1
Jehan Perera Friday, 17 June 2022 11:19 AM
Waist of money this stupid idiot also going steal more money .....no wonder stadium gone to shit .....stupid name has to change first ......
Reply : 1 0
Roger Halliday Saturday, 18 June 2022 01:17 PM
ඕක හදපු man ට කියන්න නඩත්තු කරන්න කියලා. ජනතාවට හරි wedak කරන්නේ නැතුව එයාගෙ budalayen ney ඕවා හැදුවේ
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

