www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
යුද හමුදාව මගින් ක්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව ඇති අතර ඊයේ දිනයේ ද විශාල පිරිසක් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගැනීමට එම ස්ථානයට පැමිණ සිටියහ. ඔවුන් සමග කතාබහ කළ ජනාධිපතිතුමා තොරතුරු ද විමසා බැලීය.
දින දෙකක් තුළදී 244,251 දෙනෙකු ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති අතර පළමු මාත්‍රාව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීම ඊයේ (02) ආරම්භ කෙරිණ. එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට කැපවී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල සියලු දෙනාට ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.
සෞඛ්‍ය ලේකම්, මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd