එජාප මන්ත්‍රීවරුන්ට ප්‍රහාරයක්
හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට හා මාධ්‍යවේදීන් පිරිසකට පරිපාලන ගොඩනැගිල්ල අසලදී පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.
ඔවුන් ගමන් කළ බස් රථයටද හානි සිදුවී ඇති අතර, මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයටද බාධා ඇති විය.
මෙහිදී හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පිස්තෝලක්ද රැගෙනවිත් තිබේ.
ඉන්පසු මන්ත්‍රීවරුන් නැවත කොළඹ බලා පිටත් වූ අතර, ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමටද නියමිතය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, ආර්. යෝගරාජන්, නලීන් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු එක්ව සිටියහ.
ඡායාරූප- ශාන්ත රත්නායක/ රාහුල් සමන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

