උතුර මහවිරු සැමරුමට සූදානම් වෙයි
නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය නිමිත්තෙන් උතුරේ මහවිරු සමරුම් ස්ථාන කිහිපයක් මහවිරු පවුල් ඥාතීන් විසින් සූදානම් කරන අයුරු දැක ගැනීමට හැකිය.
මහවිරු දිනය සමරීම වෙනුවෙන් උතුරේ පිහිටි පැරණි මහවිරු සොහොන් භූමි පැවති ස්ථාන එළි පෙහෙළි කරන අයුරු මේ දිනයන්හි දැකගත හැකි අතර යුද්දයෙන් පසුව මහවිරු සොහොන් කොත් සියල්ලක්ම ආරක්ෂක අංශ විසින් ඉවත් කිරීමට පියවර ගන්නා ලදි.
නොවැම්ර් 27 වනදාට යෙදී ඇති මහවිරු දිනය සැමරීම වෙනුවෙන් මුලතිව් , කිලිනොච්චි, යාපනය, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රීක්කයන්හි තොරාගත් ස්ථාන කිහිපයකදී මහවිරු දින සැමරීමේ උත්සව සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙවර මහවිරු සැමරුම් වෙනුවෙන් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසියම් නීතිවිරෝධී සැමරුමක් සිදුවන්නේද යන්න පිළිබඳව උතුරේ ආරක්ෂක අංශ විසින් පූර්ණ අධීක්ෂණයකට ලක් කොට ඇති අතර එවැනි තහනම් සැමරීමක සිදු කරනු ලබන්නේ නම් එම පිරිස් වෙනුවෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇත.




popular news
-
ඉලේපෙරුම Monday, 25 November 2019 01:33 PM
විමල් වීරවංස මහත්තයෝ, අන්න කොටි ඔලුව උස්සනවෝ
Reply : 0 3
Champa Monday, 25 November 2019 04:41 PM
මහවිරු සමරුව තනිකරම නීති විරෝධියි. LTTE ත්‍රස්තවාදී සංවිධානය සහ ප්රභාකරන්ගේ උපන්දිනය සමරන්න කරන මේ උත්සව නවත්තන්න කොන්දක් නැතිද? වහල් ආණ්ඩුව ඒවාට උල්පන්දම් දුන්න. මේ ආණ්ඩුවත් යන්නේ ඒ පාරේද?
Reply : 0 0
Nandana Monday, 25 November 2019 06:15 PM
මහා විරු වෙන්නේ කොහොමද ? උන් ත්‍රස්තවාදියෝ නේද ? ,මේක කරන්න දෙන්න එපා . එක්කෝ මහවිරු කියන එක වෙනස් කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

