ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වය නිසා උතුරේ පවුල් 13,646 කට අයත් පුද්ගලයින් 44959 දෙනෙකු විපතට පත්ව ඇති අතර නිවාස 151 කට හානි සිදුව ඇති බවට ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 2666 කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 52 ක් රඳවා සිටින බවච එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 9475 කට අයත් 31,234 දෙනෙකු විපතට පත්ව ඇතෙ.
එහිදී නිවාස 148 කට හානි සිදු වී විපතට පත් පවුල් 1394 කට අයත් පුද්ගලයින් 4649 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 26 ක රඳවා ඇත.
මේ අතර මුලතිව් ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ වැලිඔම සපත්තුපාලම ආසන්නයේදී ගංවතුර හේතුවෙන් මාර්ගය වැසී ඇති අතර ගමනාගමන කටයුතුද සම්පූරණයෙන්ම නැවති ඇත.
විපතට පත්වූ වැසියන් වෙනුවෙන් මුලතිව්හා කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයන්හි යුද හමුදා සෙබලුන් සහ නාවික හමුදාව විසින් විපතට පත් වැසියන් බෝට්ටුද යොදාගනිමින් බේරාගැනීමේ කටයුතු වල නිරත වෙයි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd