උත්තම කාර්ය නිමකළ රාජා මහනුවරින් එයි
ඓතිහාසික ශ්රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා ඉකුත් අගෝස්තු මස 12 වැනි දින මහනුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා හස්තියා අද (01) නැවතත් සිය ගම්බිම් බලා පිටත්වීමට සඳහා දළදා මාළිගාව පරිශ්රයෙන් ගමන් ඇරඹීය.
අද (01) පෙරවරු 09 .30 ට දළදා මාලිගාවේ පත්තිරිප්පුව ඉදිරිපිටට පැමිණි නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා සමිඳුන්ට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව සිය ගමන ආරම්භ කළේය.
නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ගමනාන්තය දක්වා විශේෂ කාර්ය බලකායේ විශේෂ ඒකකයක ආරක්ෂාව ලැබෙන අතර හස්තියාගේ පළමු ගමනාන්තය වන්නේ පිළිමතලාව ඌරාපොල රජමහා විහාරයයි . හස්තියා දළදා මාළිගා පරිශ්රයේ සිට මහනුවර නගරයෙන් පිටත් වන අයුරු සේයාරූ වලින් දැක්වේ.
ෂේන් සෙනෙවිරත්න








popular news
-
Kumar Wednesday, 01 September 2021 08:20 PM
E sathwaysge jiwaya awasan vuna dawasak pulun purawala sancharakayanta penwala sulli garanawada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

